LUMBINI MAYA DEVI TEMPLE

藍毘尼摩耶夫人廟

斯里蘭卡水災救濟工作 (2024-12-11)

හොංකොං ශාක්‍යමුනි සංස්කෘතික පදනමෙන් සද් වැඩක්

香港釋迦牟尼文化基金會

December 11, 2024

lanka_flood2024

පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් අවතැන් වූ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 500ක් සඳහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු කරන ලදි.

基金會向康提區 500 個選定的家庭分發了基本的乾糧,這些家庭因過去幾天打擊斯里蘭卡的惡劣天氣而流離失所。

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, හාරිස්පත්තුව, අකුරණ, ගලගෙදර, පාතදුම්බර, කුණ්ඩසාලේ, තෙල්දෙණිය, හේවාහැට, නාවලපිටිය, සෙංකඩගල, යටිනුවර, උඩුදුම්බර, උඩුනුවර, නුවර, ගම්පොල යන සියලු ප්‍රදේශ නියෝජනය වන ආකාරයට මෙම අත්‍යවශ්‍ය සහන සැපයීමේ වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ආසන නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සිදු කරන්නට විය.

這項重要的救濟計劃是應國會議員和康提區全國人民黨選區代表的要求而實施的,他們代表了康提區的 Poojapitiya、Harispattu、Akurana、Galaghara、Pathadumbara、Kundasale、Theldeniya、Hewahata、Navalpitiya、Senkadagala、Yatinnuwara、Ududumbara、Udunuwara、Nuwara 和 Gampola 區的所有地區。

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට මෙන්ම මෙවන් හදිසි ආපදා අවස්ථාවන්වලදී විපතට පත්වන ජනතාවට නිරතුරු සහයෝගය සපයන හොංකොං ශාක්‍යමුනි සංස්කෘතික පදනමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ක්වොක් ශියු මින්ග් මැතිතුමා ඇතුළු දානපතියන් විසින් (Hon. Dr. Kwok Shiu Ming, The International Centre of Sakyamuni Cultural Limited) මෙම සත්කාර්ය සඳහා ආධාර ලබාදෙන ලදි.

香港釋迦牟尼文化基金董事郭兆明博士繼續支援受此類緊急情況影響的人們,併為斯里蘭卡的社會經濟帶來穩定,他們得到了包括釋迦牟尼文化有限公司國際中心郭兆明博士在內的捐助者的支援。

ඒ අනුව මොළගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරාධිකාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමියන් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි. එසේම බොක්කාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක සංජීව මැතිතුමන් ඇතුළු බොක්කාවල පොලිසියේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහයෝගය ද මෙම සත්කාර්යය සඳහා ලබාදෙන ලදි.

因此,該計劃由高級講師 Moragaswewe Vijitha Thero 協調,他是 Molagoda Kotmudungal 的 RajaMaha Viharadhikari 先生。Bokkawala 員警局的總督察 Janak Sanjeewa 和 Bokkawala 員警的所有警官也都得到了這項任務的協助。

ජාතික භික්‍ෂු පෙරමුණ, අදිටන ක්‍රියාකාරීත්වය, නැණස අධ්‍යාපන ආයතනය ඇතුළු සංවිධාන මෙම සත්කාර්ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලදි.

包括全國比丘陣線、Aditana Activism、Nenasa 教育學院在內的組織為這項任務的成功提供了必要的支援。